මාර්ෂල් ඹෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් 2019 නොවැම්බර් මස 11 වනි දින ගුවන් හමදුා මූලස්ථානයේදී සිදු කෙරිණි.

මාර්ෂල් ඔෆ් ද එය්ාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි මහතා විසින් සිදු කරන ලදී. ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිරෝෂන් මයුරංග විසින් අණදුන් උත්මාචාර පෙළපාලිය මගින් ගුවන් හමදාධිපතිතුමන් වෙත උත්තමාචාර පුදකිරීමක්ද සිදු කරනලදී. සම්මාන පෙළපාළියෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පිළිගන්නා ලදී.

මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හට ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය  හඳුන්වා දීමෙන් අනතුරුව අවස්ථාව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.