ගුවන් හමුදා විරුවන් වෙත විරවික්‍රම පදක්කමි පිරිනැමිම ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

දශක තුනක් පුරා ලක් දෙරණ වෙලාගත් කුරිරු ත්‍රස්තවාදය මානුෂිය මෙහෙයුමකින් නිමා කරලමින් ලක් මාතාවට සාමය හා සංහිදියාව රුගෙන ඒමට ස්වකිය දිවි පරදුවට තබමින් උත්තම සේවාවක් සිදුකරන්නට ඇප කැපවු ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙහි නිළධාරින් හා සෙසු නිළයන් උදෙසා විරෝධාර විභූෂණය විරවික්‍රම විභූෂණය රණ වික්‍රම හා රණ ශූර පදක්කමි පිරිනැමිම සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2019 නොවැමිබර් මස 11 වන දින කොළඹ ජනාධිපති ලේකමි කාර්යාලයේදී පැවැත්වින.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් රණවික්‍රම පදක්කමෙන් පිදුමි ලැබු අතර විරෝධාර විභූෂණ පදක්කමි ලාභින් 05 දෙනෙකු,  විරවික්‍රම විභූෂණ පදක්කමි ලාභින් 03 දෙනෙකු, රණවික්‍රම පදක්කමි ලාභින් 15 දෙනෙකු සහ රණ ශූර පදක්කමි ලාභින් 51 දෙනෙකු වශයෙන් 74 දෙනෙකු සදහා පදක්කමි පිරිනැමිම මෙහිදි සිදුවිය.මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකමි තුමන් ආරක්ෂක ලේකමි තුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තමන් ගුවන් හමුදාධිපති තුමන් ඇතුලු ගුවන් හමුදා ජේෂඨ නිළධාරින් මෙන්ම සෙසුනිළයන් පිරිසක්සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.