ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක තවත් මෙහෙයුමක් සිදු කරයි

ශ්‍රි ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමග ඒකාබද්ධව එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හා බෙල් 412 හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් නාවික සැතපුමි 10 ත් 50ත් අතර මුහුදු සීමාවෙි සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් 2019 නොවැමිබර් 13 වන දින සිදුකරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටරයක් භාවිතා කරමින් පළමු වරට ශ්‍රී ලංකා නාවික හමුදාව සතු 'සිදුරළ' නෞකාව සමග සිදුකරන ලද මෙම මෙහෙයුමෙිදී නැව මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබැස්ස වීම පිළිබද පුහුණු අභ්‍යාසයක් සිදුකරන ලදී. මෙහිදී නෞකාව මතට සාර්ථක ලෙස දෙවරක් හෙලිකොප්ටර් යානය ගොඩ බස්සවන ලදී.

මුහුද මැද සිදුවන අනතුරු වලදී පුද්ගලයින් බෙිරාගැනීමට අවශ්‍ය පුහුණුව ලාබාදිමෙි අරමුණින් එමි අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කොට නැව මතට කිලෝ 65 ක් බර මිනිස් අනුරුවක් හෙලිකොප්ටර් යානයේ සිට ගොඩ බැස්සවීමය සිදුකරන ලදි. ඒ සඳහා මනා පුහුණුවකින් හෙබිකාර්ය මණ්ඩලයකින් සැදුමි ලත් කණ්ඩායමක් මෙම අභ්‍යාසයේ නිරතවිය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.