අන්තර් ඒකක බේස්බෝල් තරඟාවළිය 2019

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බේස්බෝල් තරඟාවළිය පසුගිය 2019 නොවැම්බර් මස 06 වන දින සිට 2019 නොවැම්බර් මස 19 වන දින දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. එක් එක් කඳවුරු නියෝජනය කරමින් කණ්ඩායම් 11 ක් මෙවර තරඟාවළිය සඳහා තරඟ වැදුණු අතර තරඟාවළිය අතිශය තියුණු මුහුණුවරක් ගන්නා ලදී.

 එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර ශූරතාවය දිනාගනු ලැබූ අතර රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුර අනුශූරතාවය දිනා ගන්නා ලදී.

 ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් ඩබ්ලිව්එම්කේඑස්පී වීරසිංහ ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා බේස් බෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් කේ සේනාරත්න ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන්  විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

විශේෂ සම්මාන

දක්‍ෂතම පන්දු රකින්නා
නායක ගුවන් භට දයාරත්න ඩබ්ලිව් එම් ටී ආර්- රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුර

දක්‍ෂතම පන්දුවට පහර දෙන්නා
කෝප්‍රල් බන්ඩාර යූඩීඒ   - රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුර

දක්‍ෂතම පන්දු යොමු කරන්නා
නායක ගුවන් භට සසන්ක කේජීඒ  - කොළඹ ගුවන් හමුදා කඳවුර

වටිනාම ක‍්‍රිඩකයා
කෝප්‍රල් මහීපාල එස් ඒ ඒ අයි ඒ  - කොළඹ ගුවන් හමුදා කඳවුර

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.