4 වන ගුවන් යානා නඩත්තු කිරීමේ මූලික පුහුණු පාඨමාලාව විසිර යයි

ගුවන් යානා ටර්බයින කාණ්ඩය යටතේ ගුවන් යානා නඩත්තු කිරීම පිළිබඳ මූලික පුහුණු පාඨමාලාවේ 4 වන කණ්ඩායමේ විසිර යාමේ උත්සවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසෙල්, හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී 2019 නොවැම්බර් මස 13 වන දින පැවැත්විණි.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන්යානා ඉංජිනේරු  අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා සහභාගී වූ අතර මෙහිදි පාඨමාලාෙව් සාමාජිකයින් 22 දෙනෙකුට සහතික හා සම්මාන ප්‍රදානය කරන ලදී.

උත්සවය අතරතුර අභ්‍යාසලාභීන්ට විශේෂ සම්මාන හිමි විය.හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අනුමත කරන ලද පුහුණු මධ්‍යස්ථානයක් වන අතර සිවිල් ගුවන් සේවා විසින් නිකුත් කරනු ලබන ගුවන් යානා නඩත්තු බලපත්‍රයේ මූලික සුදුසුකමක් ලෙස සිවිල් සිසුන් සඳහා ගුවන් යානා නඩත්තු කිරීම පිළිබඳ මූලික පුහුණු පාඨමාලාව පවත්වමින් වසර 2 ක් සේවය කර ඇත.5 වන කණ්ඩායම දැනටමත් පුහුණුවීම්වල යෙදී සිටින අතර 6 වන කණ්ඩායම ඉදිරියේදි බඳවා ගැනීමට නියමිතව ඇත.

ඒකල වෘතීය පුහුණු පාසෙල් අණදෙන නිලධාරී හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කළමණාකරු ගෲප් කැප්ටන් මුදිත මහවත්තගේ මහතා  හෙලිටුවර්ස් තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරින් සහ ආරාධිත නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.