2019 අන්තර් ඒකක මලල ක‍්‍රීඩා ශූරතාවය

කොළඹ ගුවන් හමුදා කඳවුර සහ ඒකල වෘතීය පුහුණු පාසල පිළිවෙලින් 2019 අන්තර් ඒකක මළල ක‍්‍රීඩා පිරිමි සහ කාන්තා ශූරතාවය දිනා ගන්නා ලදී. තරඟාවළිය 2019 නොවැම්බර් මස 21 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩාංගනයේදී නිමාවට පත්විය.

හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුර සහ දියතලාව සටන් පුහුණු පාසැල පිළිවෙලින් එහි පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනාගන්නා ලදී.

අම්පාර ගුවන් හමුදා කදවුරේ ගුවන් භට නයනප‍්‍රිය ආර්ඒඩී දක්‍ෂතම මළල ක‍්‍රීඩකයාට හිමි ලක්‍ෂමන් ද අල්විස් අභියෝගතා කුසලානයට හිමිකම් කියූ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරේ ගුවන් කාන්තා නිසන්සලා එච් එන්  දක්‍ෂතම මලල ක‍්‍රීඩිකාවට හිමි මලලක‍්‍රීඩා සභාපති අභියෝගතා කුසලනයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාෂල් ඩබ්ලිව්එල්ආර්පී රොඩ්රිගෝ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා මලල ක‍්‍රීඩා සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියාකොන්තා ඇතුළු නිලධාරීන් සහ සෙසු නිළයන්  රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.