රොදර්හැම් සර්කිට් මීට් 2019

රොදර්හැම් සර්කිට් මීට් 2019 මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවළිය කටුකුරුන්ද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ධාවන පථයේදී 2019 නොවැම්බර් මස 24 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ හා මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. ජවයල බලයල ත‍්‍රාසය කුතුහලය පිරි තරඟාවළියක අත්දැකීම විඳගැනීම පිණිස අති විශාල පිරිසක් කටුකුරුන්ද ගුවන් ධාවන පථය වටා එක්රොක් වූහ.

මැග්නි හෝල්ඩින් කණ්ඩායම හොදම කණ්ඩායම ලෙස සම්මාන දිනා ගත් අතර අෂාන් සිල්වා සහ ෂොයෙල් ඩැනියෙල් පිළිවලින් හොදම රියදුරා හා හොදම ධාවකයාට හිමි සම්මාන දිනාගන්නා ලදී.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා මෝටර් රථ ධාවන සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ඒඩබ්ඊ විජේසූරියල ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මෝටර් ධාවන සංවිධායක කමිටු සභාපති එයාර් කොමඩෝර් සීඑච්ආර් සොයිසාල ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින්ල නිළධාරීන්ල සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.