අංක 62 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය

අංක 62 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2019 නොවැම්බර් මස 27 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට‍්‍රා ශාලාවේදී පැවැත්විණි.

මෙම පාඨමාලාව සති 11 ක් පුරාවට පැවැත්වුනු අතර නිලධාරීන් 30 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී.ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරින් 25 ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නිළධාරීන් 01 සහ බංග්ලාදේශ චීන පාකිස්ථාන් සහ  ඉන්දියන්  ගුවන් හමුදාවන්හි නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලියු එල් ආර් පී රොඩ්රිගෝ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. තවද මෙම අවස්ථාවට  ඉන්දීය තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ඇතුලු දූත කණ්ඩායමක් සහ  ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හා පොලීසියේ  නිළධාරීහු  පිරිසක්ද සහභාගී වූහ.
 
කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කැලණිය විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.

එදින රාත‍්‍රී පැවැත්වූ සුහද සාදය සඳහාද පාඨමාලාවේ උපාධි ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.