රත්මලාන ගුවන් හමුදා කඳවුර 2019 අන්තර් ඒකක ගෝල්ෆ් ශූරතාවය දිනයි

කොග්ගල ගුවන් හමුදා කඳවුරු ගොල්ෆ් ක‍්‍රිඩාංගනයේදී පසුගිය දෙසැම්බර් මස 02 වන දින පැවති 2019 අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළියේ ශූරතාවය රත්මලාන ගුවන් හමුදා කඳවුර විසින් දිනාගන්නා ලදි.

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය එහි අනුශූරතාවය දිනාගනුලැබූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුර තුන්වන ස්ථානයට හිමිකම් කියන ලදී.

අන්තර් ඒකක තරගාවලියට අමතරව විවෘත සහ අවු 45 වැඩි විවෘත යන  වශයෙන් අංශ දෙකක් යටතේ පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ගුවන් හමුදා ගෝල්ෆ් සංචිතයේ සභාපති එයාර් කොමර්ඩෝ ප‍්‍රසන්න රණසිංහ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල සාමාජිකයින් නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.