අන්තර් ඒකක පිහිනුම් සහ ජල පන්දු තරඟාවළිය 2019

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2019 අන්තර් ඒකක පිහිනුම් සහ ජලපන්දු ක‍්‍රිඩා තරඟාවළිය 2019 දෙසැම්බර් මස 06 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය.

මෙවර තරඟාවළිය සඳහා සියළුම ගුවන් හමුදා කඳවුරු ඒකකයන් නියෝජනය කරමින් ගුවන් භට ගුවන් කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් සහභාගී වූහ.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර හා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මෙවර තරඟාවළියේ පිරිමි හා කාන්තා පිහිනුම් ශූරතාවයට හිමිකම් කියන ලද අතර හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පිරිමි හා කාන්තා අනුශූරතාව හිමිකරගන්නා ලදී.

ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර්  එයාර් වයිස් මාෂල් ඇන්ඩෘ විජේසූරිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පිහිනුම් සහ ජලපන්දු සංචිතයේ සභාපති එයාර් වයිස් මාෂල් එල්ආර් ජයවීර ඇතුළු  නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.