සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 13 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් මස 13 වන දින නෙළුම් පොකුණ  මහින්ද රාජපක්ෂ රගහලේදී පැවැත්විණි.


මෙහිදී යුධ හමුදාවේ නිළධාරීන් 77 දෙනෙකුල නාවික හමුදාවේ 33 දෙනෙකුල ගුවන් හමුදාවේ 30 දෙනෙකු සහ විදේශීය නිලධාරීන් 18 දෙනෙකු සමන්විතව 157 දෙනෙකු වසරක පමණ කාළයක් වූ පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් උපාධි ප‍්‍රදානය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් ප‍්‍රනීත් කොඩිකාර පිඨාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර ගුවන් පක්‍ෂාංගයේ සෑම අතින්ම දකක්‍ෂතම ශිෂ්‍ය නිළධාරියා හට පිරිනැමෙන රන් කුසලානය දිනා ගැනීමට ද සමත්කම් දක්වන ලදී.

ආරක්ෂක අමාත්‍යංශ ලේඛම් මේජර් ජෙනරාල් කමල් ගුනරත්න විශ‍්‍රාමික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්‍ද‍්‍ර විජේගුණරත්න යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්දූ සිල්වා  නාවික හමුදාධපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ආරක්‍සක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින් ගුවන් හමුදා අධක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන්  ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.