ඉන්දීය නාවික හමුදා ප‍්‍රධානීතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදා ප‍්‍රධානී අද්මිරාල් කරම්භීර් සිං මහතා 2019 දෙසැම්බර් මස 20 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

නාවික හමුදා ප‍්‍රධානීතුමන් ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රය වෙත පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සීබී ලැබ්රෝයි විසින් සිදුකරන ලද අතර ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පිරිනැමිමක්ද සිදු කරන ලදී. අනතුරුව, නවික හමුදා ප‍්‍රධානීතුමන් ගුවන් ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන ගිය අතර එහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් එතුමන් පිළිගන්නා ලදී.

දෙපාර්ශවය අතර සුහුද සාකච්ඡුාවකින් අනතුරුව සංචාරයේ නිරත නාවික හමුදා ප‍්‍රධානීතුමන් හට ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය හඳුන්වාදීම සිදුකෙරිණි. මෙම හමුව සිහිපත් වීම පිණිස නාවික හමුදා ප‍්‍රධානීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුකර ගැනීමක්ද සිදුකෙරිණි.

අද්මිරාල් කරම්භීර් සිං මහතාගේ ශී‍්‍ර ලංකාවේ සංචාරය දින හතරක් වන අතර 2019 දෙසැම්බර් මස 21 වන දින ත‍්‍රිකුණාමළය නාවික හමුදා විද්‍යාපීඨයේ නාවික හමුදා විසිරයාමේ පෙළපාලියෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තාද වෙයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.