2019 ජාතික බීච් වොලිබෝල් කාන්තා ශූරතාවය ගුවන් හමුදා කාන්තා කණ්ඩායමට

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන 2019 ජාතික බීච් වොලිබෝල් තරඟාවළියේ කාන්තා ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට පිළිවෙලින් ගුවන් හමුදා කාන්තා ”ඒ” කණ්ඩායම සහ ”බී” කණ්ඩායම සමත්කම් දක්වන ලදී. තරඟාවළිය 2019 දෙසැම්බර් මස 22 වන දින මීගමුව පොදු වෙරළ උද්‍යානයේදී පැවැත්විණි.

ගුවන් හමුදා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම විවෘත පිරිමි අංශයේ අනුශූරතාවය හා 25න් පහල පිරිමි අංශයේ අනුශූරතාවය ද දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා ප5ධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.