භෝජනාගාර සහායක දැනුම අලුත් කිරීමේ පාඨමාලාව නිමාවෙයි

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි සත්කාරක කළමනාකරණ පාසල මගින් පවත්වන ලද භෝජනාගාර සහායකයන්ගේ දැනුම අලුත් කිරීමේ පාඨමාලාව 2019 දෙසැම්බර් මස 16 සිට 24 වෙනිදා දක්වා පැවැත්විණි. මෙම පාඨමාලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පුහුණු අධ්‍යක්‍ෂක තුමන්ගේ සහ සැපයුම් අධ්‍යක්‍ෂකතුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. විවිධ ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් භෝජනාගාර සහායකයින් 10 දෙනෙකු පාඨමාලාව සඳහා සහභාගී වූහ.

පාඨමාලාව අතරතුර පුහුණුවන්නන් ශ‍්‍රී ලාංකීය සහ ජාත්‍යන්තර උදෑසන ආහාර සැකසීම, ඉන්දියානු ආහාර, උත්සව ආහාර සහ කෙටි ආහාර ඇතුළු විවිධ වර්ගයේ ආහාර වට්ටෝරු සකස් කිරීමේ ප්‍රායෝගික සැසි සඳහා සහභාගී වූහ. අවට ප්‍රමුඛ පෙළේ හෝටල්වල සේවය කරන විශේෂඥයින්ගේ දායකත්වය ලබාගැනීම පුහුණුවන්නන්ගේ ප්‍රායෝගික කුසලතා ඉහළ නැංවීමට දායක විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.