කටුනායක කදවුරේ කජු පැළ සිටුවීමේ වැඩසටහන ගුවන් හමුදාපති තුමන්ගේ ප‍්‍රධානත්වයෙන්

ශ‍්‍රී ලංකාව තුළ කජු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විධායක කෘෂි ඒකකය විසින් කටුනායක කදවුරේ පවත්වන ලද කජු පැළ සිටුවීමේ වැඩසටහනට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පසුගිය දෙසැම්බර් 28 වන දින සහභාගී විය.

දිවයින පුරා පිහිටි ගුවන් හමුදා කඳවුරු වල දෙමුහුන් අංකුර හා බීජ පැල සිටුවීමේ වැඩසටහන දිගටම කරගෙන යාමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිලධාරී  එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා මහතා සහ  විධායක කෘෂි නිලධාරී එයාර් කොමඩෝර් සුහර්ෂි ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවශ්ථාවට සහභාගී වූහ


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.