ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නව වසරේ රාජකාරී අරඹයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්  මහතා විසින් නව වසරේ ගුවන් හමුදාවේ රාජකාරීන් ආරම්භ කරමින් 2020 ජනවාරි මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ‍්‍රයේදී ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතීය.

මෙම සියළු වැඩසටහන සජීවීව සියළුම ගුවන් හමුදා කඳවුරු වලදී විකාශනය කරන ලදී. දිනයේ රාජකාරීන් ආරම්භ කරමින් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කළ අතර අනතුරුව සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් විසින් රාජ්‍ය සේවා ප‍්‍රතිඥාව කියවීම සිදු කරන ලදී.

ප‍්‍රථමයෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මැතිතුමාගේ නව අවුරුදු පණිවිඩය ප‍්‍රකාෂයට පත්කල අතර අනතුරුව සියළු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. 2019 වසරේදී ගුවන් හමුදාව විසින් ලබාගත් සියළු ජයග‍්‍රහණයන් යථාර්තයක් බවට පත්කරගැනීම උදෙසා දායකත්වය දක්වන ලද සියළු දෙනාටම සිය සුභාශිංසන පිරිනමන ලදී.

එසේම ගුවන් හමුදාවට සහ එහි සාමාජිකයන්ට ආශිර්වාද කරමින් සර්ව ආගමික වතාවත් සිදු කිරීම ගුවන් හමුදා මූලස්ථාන දී සිදු විය.



SLAF Station Mirigama


Central African Republic (MINUSCA)

No.07 Helicopter Squadron SLAF Base Hingurakgoda

SLAF Combat Training School (CTS) Diyatalawa

SLAF Base Ratmalana

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.