ලාංකික සහ විදෙස් හමුදා නිළධාරීන් 75 දෙනෙකු ආරක්ෂක උපාධි ලබති

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 04 පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2010 දෙසැම්බර් මස 13 දින එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී  සිදු විය.

ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ ඇතුළු උසස් හමුදා නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.  

ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් උපාධි අපේක්ෂකයින් 75 දෙනෙකු උපාධි ලබා ගත් අතර ශ්‍රී ලංකා යුධ හමුදා නිළධාරීන් 47 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් 11 දෙනෙක්, විදෙස් හමුදා නිළදාරීන් 05 දෙනෙක් සහ එක් සිවිල් පරිපාලන නිළධාරීයකු මෙහිදී උපාධි ලබා ගත්හ.  

විවිධ අංශ වලින් දක්ෂතා දැක්වු නිළධාරීන් සඳහා රන් සම්මාන පිරිනැමින. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් ඊ ඩ්බ් ආර් එස් බී ඇහැලේපොල සහ මේජර් ඩී එම් වී ආර් දිසානායක, නාවික හමුදාවේ ලෙෆ්ටිනන් කමාන්ඩර් ජේ එම් බී එස් බී ජයවීර, ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන් ආර් කපුර් සහ ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් එම් ඒ ඩී ඒ ජයතිලක රන් පදක්කම් ලැබුහ.

ගුවන් හමුදාවේ චමින්ද වික්‍රමරත්න විසින් අධ්‍යයන සමීක්ෂණය වෙනුවෙන් සේනා විධායක විසින් පිරිනමනු ලබන "රන් පෑන" සම්මානය දිනා ගන්නා ලදී.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.