සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාව නිමාවෙයි

සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලද භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාව හා සලාක සහායක උසස් පාඨමාලාව සහ සලාක සහායක මූලික පාඨමාලාවන් හි සහතික පත් ප‍්‍රදානය සහ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටමට ලඟා වූ පුහුනුවන්නන් හට ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ප‍්‍රදානය කිරීම 2020 ජනවාරි මස 08 වන දින සීගිරිය ගුවන් හමුදා සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී.

ගුවන් හමුදා මූල්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් ටී අයි ප්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් චින්තක අල්විස් සත්කාරක කළමනාකරණ පාසලේ ප්‍රධාන උපදේශක වින්ග් කමාන්ඩර් බුද්ධික කුලරත්න නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වෘත්තීන්හි මාස හතරක පමණ කාළයක් මුළුල්ලේ ඔස්සේ පාඨමාලාව සාර්ථකව හැදෑරූ සලාක සහායක උසස් පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 11 දෙනෙකු භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 02 සලාක සහායක මූලික පාඨමාලාව හැදෑරූ ගුවන් භටයින් 09 දෙනෙකු සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා ගැනීමට සුදුසුකම් ලත් ගුවන් භටයින් 22 දෙනෙකු මෙහිදී සහතික පත් ලබා ගන්නා ලදී.

සලාක සහායක උසස් පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් භට සමන් කුමාර එම් භෝජනාගාර භාරකාරු උසස් පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය නායක ගුවන් භට නිලංග කේඑල්ඩබ්ලියුජීආර් සහ සලාක සහායක මූලික පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ගුවන් භට ජයතිස්ස අයිජීඒඩී විසින් දිනා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.