ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින  (2020 ජනවාරි මස මස 13)  ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය. කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සී බී ලැබ්රෝයි විසින් නව ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදී. ගුවන් හමුදා වර්ණ පක්‍ෂාංගය විසින් උත්තමාචාර පෙළපාලියක් මගින් ආරක්‍ෂක ලේකම්තුමන් වෙත උත්තමාචාර පුදකිරීමක්ද සිදු කරන ලදී.  ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිලි පිවිසුම අසලදී ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් ආරක්ෂක ලේකම් තුමන් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් තුමන් අතර සුහද කථාබහකින් අනතුතරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී. ඉන් අනතුරුව ආරක්ෂක ලේකම් තුමන් අමුත්තන්ගේ පොතෙහි සිය අත්සන සටහන් කරන ලදී.මෙහිදී ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන ඇතූළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය  ආරක්‍ෂක ලේකම්තුමන් වෙත හදුන්වා දීමද සිදු කරන ලදී.

අනතුරුව ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ විසින් ගුවන් හමුදාව ජාතික ආරක්‍ෂාව උදෙසා දක්වන ලද දායකත්වය හා ගුවන් හමුදාව වර්ථමානයේ ඉටුකරනු ලබන කාර්යභාරය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී.

අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ගුවන් හමුදා මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.පසුව එතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානයේ ඉහල මාලයේ ස්ථාපිත කර ඇති නවීන ආරක්ෂන පද්ධතිය නිරීක්ෂනයට ලක්කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.