ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිමේ පෙළපාලියක් අද දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී

සුරකිමු ලකඹර යන පාඨය තේමා කර ගනිමින් ශ්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජිකයෙකු, සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්විමට අංක 59 හා අංක 60 කෙඩෙට් නිලධාරී පාඨමාලාවන් අංක 11 වන හා අංක 12 වන කෙඩෙට් නිලධාරිණී පාඨමාලාවන් හැදෑරූ කෙඩෙට් නිළධාරීන්, නිළධාරිනීයන්  අධිකාරියට පත් කිරීම, අංක 34 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිණියන් අධිකාරියට පත් කිරීම පියාසර කැඩෙටි නිළධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන්හට පියාසර ලාංජන පැළඳවීම අද දින (2020 ජනවාරි මස 17 වන දින) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම විසිරයාමෙි පෙළපාලියේදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය විසින් පීටී-6 වර්ගයේ ගුවන් යානා යොදාගනිමින් ගුවන් කරනම්  සංදර්ශනයක් හා ඉන් අනතුරුව ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සහ වර්ණ පක්ෂාංගය එක්ව විචිත්‍රවත් සරඹ සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.