ගුවන් හමුදා සූප වේදීන්ගේ දක්ෂතා ඔප්නංවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සූප වේදීන් සදහා පැවැත්වූ අංක 02 ගුවන් හා ගෘහස්ථ සූපවේදී පුහුනු පාඨමාලාව සාර්තකව පසුගියදා නිමාවට පත් විය.

මෙම පාඨමාලාව 2010 නොවැම්බර් මස 22 දින සිට දෙසැම්බර් 13 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර මෙහෙයවීමෙන් සහ ගුවන් හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරනය මත පවත්වන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක ආහාර පාලන නිලධාරී සරත් ප්‍රනාන්දු මහතා හා ගුවන් තොටුපොල ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ඩබ් ඩබ් පී ඩී ප්‍රනාන්දු මෙම සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි විය.

සෞක්‍යදායීව සහ පෝෂ්‍යදායී ලෙස විවිධ වර්ගයේ ආහාරපාන ක්‍රමවත්ව පිලියෙල කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.