ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර මගින් විශේෂ ප‍්‍රජාසත්කාර වැඩසටහනක්

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර මගින් විශේෂ ප‍්‍රජාසත්කාර වැඩසටහනක් පසුගිය ජනවාරි මස 18 දින "සෙන්ගතියෝ" පෙරපාසලේ දී සිදුකරන ලදී. එහිදී නවක සිසු දරුවන් උදෙසා පාසල් උපකරණ හා පාසල් බෑග් ඇතුළු අත්‍යවශ ද‍්‍රව්‍ය ප‍්‍රධානය කිරීමක්  ගුවන් හමුදා මුලතිව් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒඑන් විජේසිරිවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සදහා ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එස්ඩීඩීජේ රණසිංහ, අංක 37 රෙජිමේන්තු පක්ෂාංග වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් එච්ආර්එම්එල්ආර් දිසානායක ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.