බංගලාදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා 08 වන පාඨමාලව දියතලාවේදී ඇරඹේ

බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීන් සහ ගුවන් භටයින් සඳහා පවත්වනු ලබන ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා පාඨමාලාෙව් 08 වන පාඨමාලව පසුගිය ජනවාරි මස  මස 23 වන දින දියතලාව සටන් පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම පාඨමාලාව සඳහා බංගලාදේශ ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ හා ෆ්ලයින් ඔපිසර් නිළයේ නිළධාරීන් 04 ක් හා කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 06 දෙනෙකුත් සහභාගී වූහ. පාඨමාලාව ජනවාරි මස 22 වන දින සිට මාර්තු මස 26 වන දින දක්වා පවත්වනු ලැබේ.

මෙහිදී දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් චමින්ද වික‍්‍රමරත්න විසින් පාඨමාලා ආරම්භක දේශනය මෙහෙයවනු ලැබීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.