රසායනික ජීව විකිරණ හා න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්‍ෂාංගය කොරෝනා වෛරස් තර්ජනය සඳහා ක්‍රියාත්මක වීමට සූදානම් වෙයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්වූ චීනයේ වුහාන්හි සිටි ශ‍්‍රී ලාංකික පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා බන්ඩාරණායක ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් චීනයේ වුහාන් බලා පිටත් වූ පසු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 49 රසායනික ජීව විකිරණ හා න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්‍ෂාංගය ඒ සඳහා කි‍්‍රයාත්මක වීම ආරම්භ කරන ලදී.

ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් නියමුවන් ඇතුළු පියාසර තාර්ය මණ්ඩලය සී.බී.ආර්.එන්.ඊ. ඒකකයෙන් ලබාගත් ආරක්‍ෂිත ඇඳුමින් පිටත්ව ගිය  අතර ඔවුන් මත්තල ගුවන් තොටුපලට නැවත පැමිණියහ. එහිදී සී.බී.ආර්.එන්.ඊ. ඒකකය මගින් ඔවුන්ව භාරගත් අතර කිසිදු අයුරකින් පරිසරයට අපද‍්‍රව්‍ය එක් නොකිරීමට කටයුතු කරනු ලබයි.

වුහාන්හි සිට පැමිණි සියළු දෙනාම කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටි අතර දැඩි සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙලකට අනුව ඔවුන් සියලු දෙනාටම ප‍්‍රතිකාර කරන ලද අතර මේ වන විට ඔවුන් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

ගුවන් හමුදා සී.බී.ආර්.එන්.ඊ. ඒකකය 2016 වසරේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල තුළ ස්ථාපිත කරන ලදී.එහි පළමු අණදෙන නිළධාරීවරයා වශයෙන් පත්වු ස්කොඩ‍්‍රන් ලීඩර් (මේ වන විට විංග් කමාන්ඩර්) නිලේන්ද‍්‍ර පෙරේරා මේ දක්වාම එහි අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.

මෙම පක්‍ෂාංගය නිළධාරින් 6 දෙනෙකුගෙන් සහ සෙසු නිලයන් 50 දෙනෙකුගෙන් සමන්විත වෙයි. සෙසු නිළයන් ගුවන් හමුදාවේ සියළුම වෘත්තීන්ගෙන් සමන්විත වෙයි. ගුවන් භටයින් දේශියව කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පුහුණුවීම් සිදුකරනු ලබන අතර ස්විස්ටර්ලන්තය, සර්බියාව, නෝර්වේ, බංගලාදේශය, පාකිස්ථානය, චෙක් ජනරජය, දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල විදේශගත විශේෂ පුහුණුවීම් සිදුකරනු ලබයි.

රසායනික, ජෛව, විකිරණ, න්‍යෂ්ටික සහ අධි බල පුපුරණ ද‍්‍රව්‍ය මගින් ඇතිව ඔ්නෑම තර්ජනයකට සාර්ථකව මුහුණ දිය හැකි අයුරින් මෙම පක්‍ෂාංගය නවීන උපාංග වලින් සමන්විත වෙයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.