සිංහමලේ රක්‍ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහාය

සිංහමලේ රක්‍ෂිතයේ හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ජල ලීටර් 900 ක පමණ වූ බැම්බි බකට් උපකරණය සවිකරගත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් පිටත්ව යන ලදී.

අංක 04 බලඝණය මගින් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානාව ඉතා ඉක්මනින් බම්බි බකට් මෙහෙයුම සඳහා පිටක් කරන හරින ලදී. මෙම මෙහෙයුමට සම්බන්ධ වූ බෙල් 212 හෙලිකොප්ටර් යානාවේ ප‍්‍රධාන නියමුවා ලෙස විංග් කමාන්ඩර් උදිත ද සිල්වා කටයුතු කරන ලද අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පියෂාන් කරවිට සහායක නියමුවා ලෙසත් කටයුතු කරන ලදී.

එහිදී හෙලිකොප්ටර් යානාව නැවත පැමිණීමට පෙර බැම්බි බකට් මෙහෙයුම් 06 ක් පමන සිදුකරණ ලදී.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.