2020 ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කබඩි කණ්ඩායමල ශ‍්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරදවා ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය පෙබරවාරි මස 14 සිට 16 වන දින දක්වා යාපනය පේදුරුතුඩුව මහජන ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණි.

අවසන් තරඟයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ධෛර්ය සම්පන්න සටනක් දෙමින් යුධ හමුදා කණ්ඩායම රැස්කල ලකුණු 15 ට පිළිතුරු වශයෙන් ලකුණු 31 ක් ලබා ගනිමින් ශූරතාවයට හිමිකම් කියන ලදී.

ශ‍්‍රි ලංකා කබඩි සංමේලනයේ සභාපති අනුර පතිරන මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් මෙම අවස්ථාවට සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.