තවත් ආධුනික ගුවන් භට ගුවන් කාන්තාවන් 464 මවුබිම රැකුමට එක්වේ

තම මාතෲ භූමියට සේවය කිරීමේ ඉමහත් අදිටනින් යුතුව ආධුනික ගුවන් භට ගුවන් කාන්තාවන් 464 දෙනෙකු, සිය පාඨමාලාව සාර්ථකව නිමා කරමින් පසුගියදා (16)දියතලාව කදවුරේදී විසිර ගියහ.

සිය පාටමාලා කාලය තුල අවි සරබ, පා සරඹ, අවි පුහුණුව, සිතියම් කියවීම, යුධ උපක්‍රම, ක්ෂේත්‍ර ශිල්පය, ගුවන් හමුදා ඉතිහාස හා ව්‍යුහය පිළිබදව මනා අවබෝධයක් හා මනා පුහුණුවක් මොවුන් වෙත ලබා දෙන ලදී.

විසිර යාමේ පෙළපාලියේ අණදෙන්නා ලෙස, නිලධාරී අණදෙන පුහුණු විංග් කමාණ්ඩර් අනුරුද්ද විජේසිරිවර්ධන හා සහායක පෙලපාලී අණදෙන නිලධාරී ලෙස පියාසර නිලධාරී ආර්.සී.එන් රන්නෙත්ති කටයුතු කල අතර පෙලපාලි බලලත් නිලධාරී ලෙස බලපන්ති සැරයන් කන්ඩම්බි කටයුතු කරන ලදී.

මෙම විසිරයාමේ පෙලපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු විජිත ගුණරත්න සහභාගී වූ අතර දියතලාව කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ලංකා කොඩිප්පිලි ඇතුළු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි විය






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.