රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නව ගුවන් මගී පර්යන්තයක් විවෘත කෙරේ

අභිනවයෙන් ඉදිකරන ලද ගුවන් හමුදා ගුවන් මගී පර්යන්තයක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2020 පෙරෙවාරි මස 24 වන දින විවෘත කරන ලදී.

අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන බලඝණය රත්මලාන කඳවුරේ නැවත ස්ථාපිත කිරීමත් සමග අළුතින් ඉදිකරන ලද මෙම ගුවන් මගී පර්යන්තය හරහා දිවයිනේ විවිධ ස්ථාන රැසකට ගුවන් ගමන් පහසුකම් සලසා ගතහැකි වෙයි.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝ සම්පත් වික‍්‍රමරත්න විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.