සැම්බියානු යුධ හමුදාපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

සැම්බියානු ජනරජයේ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්එම් ෂිකාස්වේ මහතා 2020 පෙබරවාරි මස 24 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

සැම්බියානු යුධ හමුදාපතිතුමන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි නිළධාරි තුමන් විසින් පිළිගන්නා ලද අතර සැම්බියානු යුධ හමුදාපතිතුමන් වෙනුවෙන් ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් සම්මාන මුර පෙළපාලියක් ද පැවැත්විණ.

ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි සැම්බියානු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ඩබ්එම් ෂිකාස්වේ මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා සුහද කතාබහක නිරත වු අතර අනතුරුව සැම්බියානු යුධ හමුදාපතිතුමන් හට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානිඑයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් හඳුන්වාදීමද සිදකරන ලදී. 

මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරු කරගැනීමක්ද සිදුකරන ලද අතර සංචාරක සැම්බියානු යුධහමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානයේ සමරු සටහන් පොතෙහි සමරු සටහනක්ද තබන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.