චීනවරාය, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී

ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා මහතා විසින් චීනවරාය, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න මහතා හට නිළවශයෙන් භාරදීම 2020 පෙබරවාරි මස 24 වන දින වන දින කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී පැවැත්විණි.

ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා මහතා 2017 ජනවාරි මස 17 වන දින චීනවරාය, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහුගේ ධුර කාලය තුළදී පාසලේ විවිධ සංවර්ධන ක‍්‍රියාවලීන් රැසක් දියත් කරන ලදී.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් එම්ඩීඒජී සෙනෙවිරත්න මහතා මීට පෙර ගුවන් ලේකම් කාර්යාලයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ මාණ්ඩලික නිළධාරී තාක්‍ෂණික සහ ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක ධුරයන්හි කටයුතු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.