ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාල සම්මන්ත‍්‍රණය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්‍ෂකය සහ ශ‍්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය එක්ව සංවිධානය කරන ලද ”ඇල්කොහොල් භාවිතයෙන් තොරව අක්මාව ඉදිමීමේ රෝගය” තේමාව කොටගත් සම්මන්ත‍්‍රණයක් 2020 පෙබරවාඑරි මස 19 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. ගුවන් හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එල්ආර් ජයවීර, නාවික හමුදා වෛද්‍ය අධ්‍යක්‍ෂක විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් ජීඑස්ආර් ජයවර්ධන සහ යුධහමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂක බි‍්‍රගේඩියර් පීඒසී ප‍්‍රනාන්දු සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබවූහ.

ජාතික රෝහලේ ආමාශ ආන්ත‍්‍රයික විශේෂඥ වෛද්‍ය නිලේෂ් ප‍්‍රනාන්දුපුල්ලේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආමාශ ආන්ත‍්‍රයික සහ අක්මා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය උදිත දසනායක්, ගුවන් හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ජයමාලි ජයවීර සහ ඉන්දියාවේ ආමාශ ආන්ත‍්‍රයික විද්‍යා ජ්‍යේෂ්ඨ උපදේශක දිපේෂ් සොනාවෙන් විසින් ඉතා හරවත් වූ විශේෂඥ දේශනයන් පවත්වන ලදී. මෙහිදී ”ඇල්කොහොල් භාවිතයෙන් තොරව අක්මාව ඉදිමීමේ රෝගියෙක් වෙත ප‍්‍රවේශය”, ”පරිවෘත්තීය සින්ඩ්‍රෝමය සහ ජීවන රටාව වෙනස් කිරීම”, ”ඇල්කොහොල් භාවිතයෙන් තොරව අක්මාව ඉදිමීමේ රෝගයේ ඖෂධ චිකිත්සාවේ යාවත්කාලීන වීම්” සහ ”සිරෝසිස් රෝගියෙකුගේ කළමනාකරණය” යන තේමාවන් යටතේ සාකච්ඡුාවන් පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා යුධ, නාවික, ගුවන් හමුදාවන් සහ පොලිසිය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන් සහ ෙවෛද්‍ය නිළධාරීන් 60  දෙනෙකු පමණ මෙම සමුළුවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.