අන්තර් ඒකක බොක්සිං තරඟාවලිය - 2020

අන්තර් ඒකක බොක්සිං තරඟාගාවලිය 2020 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2020 පෙබරවාරි මස 28 දින පැවැත්වුණු අතර එහි පිරිමි අංශයේ ශූරතාවය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ කදවුර විසින් දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා අංශයේ ශූරතාවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගුවන් හමුදා කදවුරු කණ්ඩායම දිනා ගැනීමට සමත්විය.

මෙම තරඟාවලියේ කාන්තා හා පිරිමි අනුශුරතාවය පිළිවලින් ගුවන් හමුදා  වෘත්තීය පුහුණු පාසල් කන්ඩායම හා ගුවන් හමුදා කොළඹ කඳවුර හිමිකර ගන්නා ලදී.

තරඟාවලියේ හොදම බොක්සිං කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් ලෙස පිළිවෙලින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක 26 වන රෙජිමේන්තු පක්ෂාංගයේ නායක ගුවන් භට බන්ඩාර ඒඑම්එස්පී සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරු කණ්ඩායාමේ නායක ගුවන් කාන්තා රාම්ලාන් රෆ් ආර්  යන අය නම් කරනු ලැබීය.

මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙනිය මහතා සහභාගී විය. ගුවන් හමුදා බොක්සිං සංගමයේ සභාපති එයාර් කොමඩෝර් කේ කේ ඒ කේ කළුආරච්චි කටුනායක කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමර්ඩෝ එච්එස්එස් තුයියකොන්තා ඇතුලු නිළධාරීන් සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.