සෞදි අරාබි ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ස්ටාප් බිගේඩියර් ජෙනරල් නවාප් ටි ඇලෝටයිබි මහතා 2020 මාර්තු මස 05 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත් වූ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක නියෝජිතතුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.