ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2020 පළමු අදියරය

ශ්‍රී ලංකා ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව 21 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර 2020 මාර්තු මස 05 වන  දින මහනුවර ආසිරි රෝහල ඉදිරිපිටදී් කිමි 126 ක දුරක් ගෙවා අවසාන කරන ලදී.මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංජු දිමන්ත හිමි කර ගත් අතර පිළිවලින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා කණ්ඩායමෙන් තරග කළ චතුර මධුෂාන් හා යුද හමුදාවේ  පැතුම් සම්පත් දෙවන හා තෙවන ස්ථානයට පත්විය.

පාකිස්තාන ගුවන් හමුදාවේ පාපැදි කණ්ඩායමක් ඇතුළු පාපැදි කරුවන් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම තරගයේ එහි දෙවන අදියර සඳහා හෙට උදෑසන මහනුවර සිට ආරම්භ වන අතර එය ත්‍රිකුණාමලයේ දී අවසන් වේ.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.