ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම ආරක්ෂක සේවා කායකින් ශූරතාව දිනා ගනී

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඔරු පැදීමේ ක‍්‍රිඩිකාවන්ට 2020 මාර්තු මස 10 වන  දින දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේ පැවති ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරඟාවළියේ කාන්තා අංශයේ කායකින් ශූරතාවය දිනා ගැනීමට හැකි විය.

2020 ආරක්ෂක සේවා කායකින් ශූරතාවලිය 2020 මාර්තු 9 සිට 10 දක්වා පැවැත්විණි.ගුවන්් හමුදා කාන්තා කණ්ඩායම මෙහිදී රන් පදක්කම් 03 රිදී පදක්කම් 01 දිනා ගත් අතර පිරිමි කණ්ඩායම රන් පදක්කමක් 01ක් රිදී පදක්කම්  02 සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එන්ඒ ධර්මරත්න, ශ්‍රී ලංකා ඔරු පැදීමේ හා කායකිං සංචිතයේ සභාපති එයාර් කෝමර්ඩෝ එස්එම්එස්පී කොස්වත්ත, ශ්‍රී ලංකා යුද හමුදා නාවික හා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.