ලෝක ග්ලූකෝමා දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මගින් වෛද්‍ය කඳවුරක්

ලෝක සෞඛ සංවිධානය මගින් සෑම වසරකම මාර්තු 12 දින ලෝක ග්ලූකෝමා දිනය ලෙස නමිකරන ලද අතර මෙම දිනයට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය හා කොළඹ අක්ෂි රෝ්හල මගින් අක්ෂි සායන කඳවුරක් කොළඹ කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙහිදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හා ගුවන් හමුදා සිවිල් පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා මෙම අක්ෂි සායනය සංවිධානය කර තිබුණු අතර එහිදී ඇස්කන්නාඩි ලබාදීමක්ද සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා ලංකාවේ අති දක්ෂ අක්ෂි වෛද්‍ය වරුන් වන ආචාර්ය ලලිතා සේනරත් ආචාර්ය රන්මිනි සේනවිරත්න ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් හා වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක්ද සහභාගී විය.

මෙම වෛද්‍ය කඳවුර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයිස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රබාවි ඩයස් මහත්මියගේ මගපෙන්වීම යටතේ පවත්වන ලදී.

මෙම වෛද්‍ය කඳවුර සඳහා 850 කට අධික පිරිසක් සහභාගි විය.තවද මේ සඳහා ගුවන් හමුදා සෞඛ අධ්‍යක්ෂකයේ කාර්ාය මණ්ඩළ සාමාජිකයන්, කොළඹ ගුවන් හමුදා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් හා ගුවන් හමුදා අධ්‍යක්ෂමණ්ඩළ නිළධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් හා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී තුමන්ද සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.