චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ රෝහල සිය 09 වන සංවත්සරය සමරයි

චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ රෝහල සිය 09 වන සංවත්සරය 2020 මාර්තු මස 13 වන දින වැඩ පෙළපාළියත් සමග සමරන ලදී. මෙහිදී රෝහල් අණදෙණ නිළධාරී විංග් කමාන්ඩර් පීඩී රාජපක්‍ෂ විසින් වැඩ පෙළපාළිය නිරීක්ෂණය කරන ලද අතර රෝහල් කාර්ය මණ්ඩලය අමතා රෝහල වෙනුවෙන් සිදුකරනු ලැබූ කාර්ය ඇගයීමට ලක්කරන ලදී.

මෙම සැමරුමට සමගාමීව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් රජයේ රෝහල් ලේ බැංකුව හා එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් දියත් කරන ලදී. මෙම අවස්ථාවට නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවකමහත්ම මහත්මීන් ඉතා කැපවීමෙන් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.