ගුවන් හමුදා යතුරුපැදි ධාවන ක‍්‍රීඩක මධුර පීරිස් විසින් ස්ටෑන්ඩර්ඩ්/මොඩිෆයිඩ් සට‍්‍රීට් ටේ‍්‍රල් 125සීසී කාණ්ඩයේ ජාතික ශූරතාවය දිනයි

ශ‍්‍රී ලංකා යතුරු පැදි ක‍්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරනලද ජාතික ශූරතා සම්මාන ප‍්‍රදාන් උත්සවය 2020 මාර්තු මස 14 වන දින කටුනායක ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී පැවැත්විණි.

එහිදී නායකගුවන් භට මධුර පීරිස් විසින් ස්ටෑන්ඩර්ඩ්/මොඩිෆයිඩ් සට‍්‍රීට් ටේ‍්‍රල් 125සීසී කාණ්ඩයේ 2019 ජාතික ශූරයා ලෙස සම්මාන දිනා ගන්නා ලදී. එසේම සැරයන් සුසන්ත දිසානායක විසින් එම අංශයේම හොඳම ටියුනර්/ටෙක්නීෂියන් ලෙස ජාතික ශූරතා සම්මානය දිනා ගැනීමට සමත් විය.    

මදුර පීරිස් 2012 වර්ෂයේදී ගුවන් හමුදාවට යතුරු පැදි ධාවන තරඟ හඳුන්වා දුන්අතර ඔහුගෝ ධාවන හැකියාවෙන් ගුවන් හමුදාට සුවිශේෂී කීර්තියක් සහ ජයග‍්‍රහණ රැුසක් අත්කරදීමට සමත්ව තිබේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.