ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ඉන්යාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 172 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 මාර්තු මස 21 වන දින ඉරණමඩු  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.
 
මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව ස්ථාපිත කරන ලදී.
 
ගුවන් හමුදා ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානය තුල පිරිමි පුද්ගලයින් 45 දෙනෙකු කාන්තාවන් 127 දෙනෙකු අයත් විය. මෙම පිරිස දින 14 පුරාවට නිරෝධායනයට ලක්වු අතර ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුලු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු 2020 අප්‍රේල් මස 04 වන දින ප‍්‍රවාහන පහසුකම්ද සලසා දෙමින්  සිය නිවෙස් කරා පිටත් කර හරින ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.