ගම්පහ රෝහලේ කොරෝනා බාහිර රෝගී ඒකකය ඉදිකිරීමට ගුවන් හමුදාවේ දායකත්වය

ගම්පහ දිස්ත‍්‍රික් රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය, ගම්පහ රෝහලේ කොවිඩ් 19 වැලඳී ඇතැයි සැක කරන රෝගින්හට ප‍්‍රතිකාර කිරීම සදහා බාහිර රෝගි ඒකකයක් ඉදිකිරීම ආරම්භ කරන ලදී.

මේ සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා සෘජු අධීක්ෂණය යටතේ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ මග පෙන්වීම මත එක් නිලධාරියෙකු හා සෙසු නිලයන් 30 දෙනෙකු මෙම බාහිර රෝගි ඒකකය ඉදිකිරීමේ කාර්යය සදහා ගම්පහ දිස්ත‍්‍රික් රෝහල වෙත අනුයුක්ත කරන ලද අතර දින 06 වැනි කෙටි කාලයක් තුල මෙහි වැඩ අවසන් කොට 2020 අප්‍රේල් මස 04 වන දින ගම්පහ දිස්ත‍්‍රික් රෝහල වෙත භාරදීම සිදු කරන ලදී.

මේ සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එම්බීසීඩී මුතුතන්ති‍්‍ර නිලධාරිතුමන් සහභාගි විය. මෙම ඉදිකිරීම් කටයුතු සදහා මුල්‍ය අනුග‍්‍රහය ගම්පහ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා දානපතියන් විසින් දරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.