ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිවි කදවුරේ නිරෝධායට ලක්වු පිරිස සමජගත කිරීමට පියවර


-->

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 203 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 මාර්තු 22 වන දින ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර තුළ පිහිටා ඇති නිරෝධනය මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකමි සහිතව ස්ථාපිත කරන ලදී.
 
ගුවන් හමුදා මුලතිවි නිරෝධායන මධ්‍යස්ථානය තුල පිරිමි පුද්ගලයින් 56 දෙනෙකු කාන්තාවන් 147 දෙනෙකු අයත් විය. මෙම පිරිස දින 14 පුරාවට නිරෝධායට ලක්වු අතර මුලතිව් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු 2020 අප්‍රේල් මස 06 වන දින ප‍්‍රවාහන පහසුකමිද සලසා දෙමින්  සිය නිවෙස් කරා පිටත් කර හරින ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.