කොවිඩ් 19 රෝගින් හට ප‍්‍රතිකාර කරන වාට්ටු සදහා ගුවන් හමුදාවෙන් සීසීටීවී පද්ධතියක් හා ශබ්ධ විකාශන පද්ධතියක්

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් නිලධාරිතුමන්ගේ අධික්ෂණය යටතේ මුල්ලේරියාව රෝහලේ කොවිඩ් 19 රෝගින්ට ප‍්‍රතිකාර කරනු ලබන වාට්ටු 4 ක් සදහා  සීසීටීවී පද්ධතියක් හා  රෝගින්   දැනුවත් කිරීම සදහා ශබ්ද විකාශන පද්ධතියක් ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරේ විද්්‍යූත් හා විදුලි සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ තාක්ෂණික අංශය විසින් 2020 අපේ‍්‍රල් මස 09 වන දින ස්ථාපනය කරන ලදී.

මෙම පද්ධතීන් ස්ථාපනය කිරීමෙන්  රෝහල් කාර්යමණ්ඩලයට කොවිඩ් 19 ආසාදිත වු රෝගින් අධීක්ෂණය කිරීම හා ආරක්ෂිත දුරක සිට රෝගීන්ට ආමණ්ත‍්‍රණය කිරිමේ  හැකියාව පවතී. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවද මෙමගින් තරහවුරු කරගැනීමට හැකිවේ.

ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරේ විද්්‍යූත් හා විදුලි සංනිවෙිදන ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අරුණ ජයතිලක නිලධාරිතුමන්ගේ අධික්ෂණය යටතේ තාක්ෂණික කණ්ඩායම පැය 24 ක කාලයක් ඇතුලත මෙම පද්ධතින් ස්ථාපනය කිරිමේ වැඩ අවසන් කරන ලදී.

ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සදහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ සාමාජිකයින් විසින් මෙම තාක්ෂණික කණ්ඩායම ආරක්ෂිත ඇදුම් වලින් සන්නද්ධ කර මෙම ක‍්‍රියාවලිය සිදු කරන ලදී. මෙම පද්ධති ස්ථාපනය කිරීමෙන් පසු තාක්ෂණික ශිල්පින් නිසි ලෙස විෂබිජ හරණය සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.