ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ”හරිත දනව්ව - නාගරික සහ ගෙවතු වගා”ව්‍යාපෘතිය අරඹයි

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටපුරා ඇතිවී තිබෙන වසංගත තත්වය හමුවේ රජය විසින් ගෙවතු වගා මිලියනයක්සංවර්ධනය කිරීමේ ”සෞභාග්‍යා” ගෙවතු වගා ව්‍යාපාතිය ආරම්භ කොට තිබේ. ඒ අනුව යමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවද ඉදිරියේ ඇතිවිය හැකි ලෝක ආහාර අර්බුධය හමුවේ ශ‍්‍රී ලංකාවට මුහුණු දෙන්නට සිදුවන ආහාර ගැටලුවට විසඳුමක් දීමේ අරමුණින් කෘෂිකර්ම දෙපරේතමේන්තුව මගින් ලබාගන්නා ලද බීජ පැකට් ගුවන් හමුදා සාමාජිකසමාජිකාවන් වෙත ලබාදීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමග එක්ව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ”හරිත දනව්ව - නාගරික සහ ගෙවතු වගා” ව්‍යාපෘතිය 2020 අපේ‍්‍රල් මස 10 වන දින ආරම්භ කරනලදී. ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත ගෘහ ආර්ථිකයක් ඇති කිරීම සහ ”සෞභාග්‍යා” ජාතික අස්වනු වැඩසටහනේ නව සංකල්පයට අපේ රටේ තරුණ පරම්පරාව සම්බන්ධ කර ගැනීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වෙයි.

මෙම වැඩසටහන ආරම්භ කරමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් ගුවන් හමුදා සාමාජිකයන්ගේ ගොවතුවගාවන් සංවර්ධනය කරලීම උදෙසා කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සීබී ලැබ්රෝයි මහතාහට බීජ පැකට් 500 ක් ලබාදීම සිදුකළාය. මේ ආකාරයට සෑම ගුවන් හමුදා කඳවුරකටම බීජ පැකට් බෙදා දීම සිදුකරනු ලබයි.

එසේම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ගුවන් හමුදාධිපති නිළ නිවසේ ගෙවතු වගාවේ මෙම බීජ රෝපණය කරන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.