ගුවන් හමුදාව විසින් වයිි 12 යානාවක් ගුවන් ගිලන් රථයක් ලෙස නවිකරණය කරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක තුමන්ගේ අධික්ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කදවුරේ අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන බලගණය විසින් වයිි 12 වර්ගයේ යානාවක් ගුවන් ගිලන් රථයක් ලෙස නවිකරණය කරන ලදි.

විශේෂයෙන් නිර්මාණය කරන ලද වෛද්‍ය  ඇදුමි කටිටලයක් යොදා ගනිමින් අසාද්‍ය තත්වයේල හුස්ම ගැනිම අපහසු රෝගින්ට ප‍්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය උපකරන මෙන්ම විශේෂිත ගිලන් ඇදක්ද සහිතව වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයට අවශය ඉඩ පහසුකමි සහිතව මෙම වයිි 12 වර්ගයේ ගුවන් ගිලන් රථය නවිකරණය කොට ඇත.
 
අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන බලගණය මගින් මෙම නවිකරණය කරන ලද වයි 12 ගුවන් ගිලන් රථය ගුවනේදි සාර්ථකව අත්හදා බැලිමි සිදු කරන ලද අතර එම කර්තව්‍යට ප‍්‍රධාන ගුවන් නියමුවා වශයෙන්  අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන බලගණයේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අමල් පෙරේරා නිලධාරිතුමන් ක‍්‍රීයා කල අතර ගුවන් වෛද්‍ය සේවා නිලධාරි ලෙස රත්මලාන ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරි  ගෲප් කැප්ටන් සුජිත් පෙරේරා නිලධාරිතුමන් කටයුතු කරන ලදි.    
 
මෙම නවිකරණය කරන ලද වයි 12 ගුවන් ගිලන් රථය කොවිඩි 19 මර්ධනය කිරිමෙි ප‍්‍ර්‍යාත්නයේ යෙදි සිටින වෛද්‍ය නිලධාරින්ගේ ඉල්ලීම මත ලබා දිම සදහා රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කොට ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.