ගුවන් හමුදාවේ 60 වෙනි සංවත්සරය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වෙනි සංවත්සරය 2011 මාර්තු මස 02 වෙනි දා අභිමානවත් ලෙස සැමරීමට සූදානමින් සිටී.මෙම උත්සවය මාර්තු 2 වෙනිදා සිට 10වනදා දක්වා විවිධ ප්‍රදර්ශන ක්‍රීඩාතරග ඇතුලු තවත් උත්සව රැසක් සමගින් ඇවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 60 වන සංවත්සරයට සමගාමීව මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය සංවිධානය කර ඇත.12 වෙනි වරටත් සංවිධානය කරන මෙය ජනවාරි 19 දා සිට 22 දින දක්වා පැවැත්වීමට නියමිතය.

තවද විදේශ රටවල හමුදාවන්ගේ සහභාගීත්වයෙන් "ගුවන් කරණම්" සංදර්ශන පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.මෙරට මහජනතාව වෙනුවෙන් විදෙස් රටවල් රැසක් එක්ව ගුවන් කරණම් පවත්වනු ලබන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

මෙම උත්සවයේදී ගුවන් හමුදා 60 වෙනි සංවත්සරය  නිල ලාංජනය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ දෑතින් විවෘත විය.ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මෙම මාධ්‍ය  හමුවට  ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුණුගල්ල,ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පී.බී ප්‍රේමචන්ද්‍ර ඇතුලු ගුවන් හමුදාවේ ජ්‍යෂ්ඨ නිළධාරීහු රැසක් සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.