ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමජගත කිරිමට පියවර

කොළඹ බණ්ඩාරනායක මාවත, කෙසෙල්වත්ත, කොටහේන සහ දෙමටගොඩ යන ප‍්‍රදේශයන්හි පුද්ගලයින් 175 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 අප්‍රේල් 22 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.ගුවන් හමුදා ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානය තුල මෙම පිරිස අතරට පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු සහ කාන්තාවන් 92 දෙනෙකු අයත්වුහ.

ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරීමෙන් පසු පසුගිය මැයි මස 11 වන දින මෙම පිරිස පිටත් කර හරින ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.