මත්තල ගුවන් තොටුපලට පැමිණි බෙල්ජියම් නෞකාවක කාර්යමණ්ඩලයක් ගුවන් හමුදා සීබීආර්එන්ඊ පක්ෂාංගය විසින් විෂබිජහරණය සිදු කරයි

බෙල්ජියම් නෞකාවක කාර්යමණ්ඩලයක් විශේෂ ගුවන් යානයකින් බෙල්ජියමේ සිට මත්තල ගුවන් තොටුපලට 2020 මැයි මස 28 වන දින පැමිණි අතර මෙම කණ්ඩායම ගාලු වරායේ නැංගුරම්ලා තිබෙන බෙල්ජියම් නෞකාවක ආදේශක කාර්යමණ්ඩලයක් වේ. මෙම නාවික කාර්යමණ්ඩලය සාමාජිකයින් 43 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඔවුන් ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් විෂබිජහරණය කිරීමට කටයුතු යොදන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත පයිලට් ඔෆිසර් එස්කේඑස් රුක්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික, විකිරණශීලී හා න්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප‍්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගයේ (සීබීආර්එන්ඊ) කණ්ඩායමක් විසින් බෙල්ජියම් සිට දිවයිනට පැමිණි 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ බඩු බාහිරාදිය සහ ඔවුන් පැමිණි ගුවන් යානය ද සමග විෂබිජහරණය සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.