දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ පුහුණුව ලැබූ ආධුනිකයින් විසිරයයි

දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ පුහුණුව ලැබූ අංක 65 කැඩෙට් නිළධාරී මූලික ගොඩබිම් සටන් පහුණු පාඨමාලාව, අංක 17 කැඩෙට් නිළධාරිනී මූලික ගොඩබිම් සටන් පුහුණු පාඨමාලාව, අංක 169 බී නිත්‍ය ආධුනිත ගුවනු භට පාඨමාලාව, අංක 132 ස්වේච්ඡුා ආධුනික ගුවන් භට පාඨමාලාව, අංක 39 නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව සහ අංක 36 ඉඳුරාම බඳවාගන්නා ආධුනික ගුවන් භට පාඨමාලාව යන ආධුනික පාඨමාලාවන්හි විසිරයාම 2020 ජූනි මස 02 වන දින පැවැත්විණි. පුහුණු පාසලේ නිලධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් බුද්ධික බණ්ඩාර විසින් මෙම පෙළපාලිය සඳහා අණදෙන ලදී.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී. වික‍්‍රමරත්න, නිලධාරීන් සහ සේවා පුද්ගලයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. මෙම පෙළපාලියේ පෙළපාලි කටයුතු සියල්ලක්ම කොවිඩ් 19 වසංගත තත්වය යටතේ ලබා දී ඇති සෞක්‍ය ආරක්‍ෂණ උපදෙස් මාලාවට අනුකූලව සිදුකරන ලදී.

අංක 65 කැඩෙට් නිළධාරී පාඨමාලාව සහ අංක 17 කැඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදෑරූ කැඩෙට් නිළධාරීන් සහ නිළධාරිනියන් 48 දෙනෙකු සහ ගුවන් භට ගුවන් කාන්තාවන් 663 දෙනෙකු මෙහිදී සිට පාඨමාලාවන් අවසන් කර විසිර යන ලදී. මෙහිදී ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂකතුමන් විසින් ආධුනිකයින් අමතමින් නීතිගරුක අවංක ගුවන් හමුදා සාමාජිකයෙකු ලෙස තම උපන් දේශයට සිය දායකත්වය ලබා දෙමින් සිය ඉදිර ගුවන් හමුදා ජීවිතය ගතකිරීමට සියළු දෙනා හට සිය සුභාශිංසන එක් කරන ලදී.

විශේෂ සම්මාන ලද්දන්

අංක 65 ආධුනික කැඩෙට් නිලධාරී පාඨමාලවේ සෑම අතින්ම දක්‍ෂතම කැඩෙට් නිලධාරියා
කැඩෙට් නිලධාරී අගලකොටුව ඩීකේ

අංක 169 නිත්‍ය ආධුනික ගුවන් භාට, අංක 132 ස්වේච්ඡුා ආධුනික ගුවන් භට
 සහ අංක 36 ඳුරාම බඳවාගන්නා ආධුනික ගුවන් භට පාඨමාලවන්හි සෑම අතින්ම දක්‍ෂතම ගුවන් භටයා

ආධුනික ගුවන් භට දේශප‍්‍රිය කේඑච්ටී

අංක 39 නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලවේ සෑම අතින්ම දක්‍ෂතම ගුවන් කාන්තාව
ආදුනික ගුවන් කාන්තා රත්නසිරි කේඒඑස්එස්

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.