මත්තල ගුවන්තොට වෙත පැමිනි මගීන් විෂබීජහරනයට ලක්කෙරේ

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ජුනි 06 වන දින ජර්මනියේ සිට පැමිණි ශ්‍රී ලාංකික මගීන් 235 දෙනෙකු විෂබීජහරනයට ලක් කිරීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය අංශය මගින් සිදුකරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි නියමු නිලධාරි එස්කේඑස් රුක්ෂන් මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ සීබීආර්එන්ඊ මෙහෙයුම අතරතුර මගීන් 235 දෙනා සහ ඔවුන්ගේ බඩු බාහිරාදිය සහ ඔවුන් පැමිණි ගුවන් යානය විෂබීජහරණය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.