කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය පසුගිය ජූනි මස 13 වන දින සිය 17 වන සංවත්සරය සමරන ලදී.

සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මේ වන විට සිවිල් ඉංජිනේරු නිළධාරීන් 15 දෙනෙකුගෙන්ද සිවිල් ඉංජිනේරූ වෘත්තීන්හි මනා පුහුණව ලත් ගුවන් භටයින් 1832  දෙනෙකුගෙන්ද සමන්විත වෙයි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය විසින් සැලසුම් කරනු ලබන පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සියළුම ඉදිකිරීම් සහ නැවත ගොඩනැගීමේ කටයුතු සියල්ලක්ම සිවිල් ඉංජිේනරු පක්‍ෂාංගය මගින් සිදු කරනු ලබයි.

සංවත්සර දිනයට සමගාමීව කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අසරණවූ කටුනායක ගුවන් හමුදා කඳවුර අවට ප‍්‍රදේශයේ ජීවත් වන දිලිදු පවුල් උදෙසා වියලි සලාක බෙදාදීමක් සිදුකරණ ලදී.

සිවිල් ඉංජිේනරු පක්‍ෂාංග අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එන්ඩී ඒකනායක මහතාගේ මගපෙන්වීම මත මෙම කාර්යන් සිදුකල අතර මේසඳහා පක්‍ෂාංග සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.